ජනපති නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වෙයි

ජනපති නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර දිසානායක අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

රාජ්‍ය ඇමති Shri Raj Bhushan Choudhary ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිව හරසරින් පිළිගන්නා ලදී.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර දිසානායක ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ජනාධිපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාලද ජනාධිපති සමඟ සමුළුවට එක්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn