රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යවරියට එරෙහි නඩුව යළි කැඳවයි

රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යවරියට එරෙහි නඩුව යළි කැඳවයි

රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය ධුරය දරමින් සිටි 2015 – 2019 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරියක වූ චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව ලබන 10 වෙනි දින යළි කැඳවීමට නියෝග කර ඇත.

කොළඹ මහාධිකරණය ඉදිරියේ පසුගිය 28 වෙනි දින විභාගයට ගැනුණු එම නඩුව පෙබරවාරි 10 වෙනි දින යළි කැඳවන ලෙස නියෝග කර තිබේ. චන්ද්‍රානි බණ්ඩාර වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස පත් කර සිටි සමයේ රජයේ පිළිගත් බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව ව්‍යාපෘති අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන් ගණනාවක් පෞද්ගලික දේශපාලන සුදුසුකම් මත බඳවා ගෙන ඇත.

එය දූෂණය නැමැති වරදක් බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අධි චෝදනා ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්