රටම එකට ජාතික ව්‍යාපෘතිය යටතේ මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ගෙන යන මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ.
ඊයේ (29) බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ගනේමුල්ල බොල්අත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක් වටලා ඇති අතර එම නිවසේ තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 4.5කට වැඩි ප්‍රමාණයක් අත්තඩංගුවට ගෙන තිබේ. ගොඩබිම දී අත්තඩංගුවට ගත් විශාලතම කොකේන් ප්‍රමාණය මෙය වන අතර දළ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 22 ට අධික බව ප්‍රකාශ කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ මහජනතාව ලබා දෙන තොරතුරු ඉහළ යමින් පවතින අතර, එම තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගනිමින් වැටලීම් සිදු කෙරේ.
177










