රනිල් උසාවි ගේන දිනයේ දොස්තරලා පිරිසක් රෝගීන්ව ප්‍රාණ ඇපයට ගනී

රනිල් උසාවි ගේන දිනයේ දොස්තරලා පිරිසක් රෝගීන්ව ප්‍රාණ ඇපයට ගනී

රනිල් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව යළි හෙට දින විභාග කිරීමට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නම් වෘත්තීය සමිතිය විසින් වැඩ වර්ජනයක් දියත් කිරීමේ තර්ජනයක් එල්ල කර තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ වැටුප් විශාල වශයෙන් ඉහළ දමා තිබියදීත් විවිධ හේතු මතු කරමින් රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීමේ ක්‍රියාමාර්ග දියත් කරමින් සිටී.

එම වෛද්‍ය වෘත්තීය සමිතියට සමගාමීව සෞඛ්‍ය සේවයේ වෙනත් වෘත්තීය සමිති ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙන බව මේ වනවිට ප්‍රකාශ කර ඇත. මෙම වෛද්‍ය වෘත්තීය සමිතිවල නායකයින් සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ විවිධ මට්ටම්වල නිලතල දරන්නන් බව හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්