පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට පත් කිරීමේ ලිපියක් හෝ නොමැතිව රාජකාරි පවරා ගෙන සිටි චමින්ද කුමාර කුලරත්න පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීරව පාවා දී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
චමින්ද කුලරත්න එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන කමිටුව හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ මහා ලේකම්වරියගේ ලිඛිත උපදෙස් අනුව රාජකාරි බාර ගත් බව ය. එහෙත් එවැනි ලිපියක් ඔහුගේ පත් කිරීමට අදාළ පාර්ලිමේන්තු නිල ලිපි ගොනුවේ හෝ ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බව හෙළි වී තිබේ.
මේ වනවිට වැඩ තහනමකට ලක් කර සිටින චමින්ද කුලරත්න සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය පිළිබඳ සවිස්තර කරුණු සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින් විකාශනය කර තිබිණි. එම වීඩියෝව පහත දැක්වේ.
398









