රාජපක්ෂලාගේ සහ රනිල්ගේ සමීපතමයා වෛද්‍ය පරීක්ෂණ වාර්තා හැංගුවේ ඇයි?

රාජපක්ෂලාගේ සහ රනිල්ගේ සමීපතමයා වෛද්‍ය පරීක්ෂණ වාර්තා හැංගුවේ ඇයි?

මේ වනවිට වැඩ තහනම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් චමින්ද කුමාර කුලරත්න නිසි වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් නිල ලිපි ගොනුවට ලබා දී නැති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු හෙළි වී තිබෙන්නේ ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු පරීක්ෂණයේදී ය. ස්ථීර විශ්‍රාම වැටුප් ලබන තනතුරකට බඳවා ගැනීමේ දී වලංගු වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

එහෙත්, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයට අනිසි ලෙස පත් කරන ලද චමින්ද කුමාර කුලරත්න එම වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙන් ම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ අතිරේක ලේකම්වරයෙකු ලෙසින් ද ක්‍රියා කර ඇති අතර එම අනීතික පත්වීම රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළ ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්