පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සිටි චමින්ද කුමාර කුලරත්නගේ සේවය අත්හිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අනුමැතිය ලබා දී ඇති අතර, පසුව ඔහුගේ X ගිණුමේ සටහනක් තබමින් එම තීන්දුව විවේචනය කර ඇත.
මෙම කාරක සභාවේ නිත්‍ය සාමාජිකත්වය විපක්ෂ නායක හෝ ඔහු නම් කරන නියෝජිතයෙකු වෙත පිරිනැමේ. චමින්ද කුමාර කුලරත්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නියෝජිතයා ලෙස ගයන්ත කරුණාතිලක සමගි බලවේගයේ මන්ත්‍රීවරයා පත් කර තිබිණි.
එසේ තිබිය දී ජනතාව නොමග යැවීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස විසින් මේ වනවිට ප්‍රචාරය කරමින් සිටින්නේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ධුරයෙන් චමින්ද කුමාර කුලරත්න ඉවත් කිරීම දේශපාලන පළි ගැනීමක් බවයි.

311










