මෙරටට රැගෙන ආ කෙසෙල්වත්තේ දිනූෂ පැය 72ක රැඳවුම් නියෝග

මෙරටට රැගෙන ආ කෙසෙල්වත්තේ දිනූෂ පැය 72ක රැඳවුම් නියෝග

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ හේවා පේඩිගේ දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ් නැමති  සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව පැය 72ක කාලයකට රැඳයුම් නියෝග ලබාගත් බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි.

එම රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහගේ අනුමැතියෙනි.

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විවෘත වරෙන්තු ප්‍රකාරව එම ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි.

එමෙන්ම ඔහුට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම යන චෝදනාද එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්