කෝටි අටක කුෂ් සමග සමාජ ශාලා ආරක්ෂකයෙක්  ගුවන් තොටුපොළෙන් අත්අඩංගුවට

කෝටි අටක කුෂ් සමග සමාජ ශාලා ආරක්ෂකයෙක්  ගුවන් තොටුපොළෙන් අත්අඩංගුවට

රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් (රු. 82,200,000) වටිනා කිලෝ ග්‍රෑම් 08යි ග්‍රෑම් 220ක “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිට ඇත.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියකුවන ඔහු රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂකයෙකු බවද අනාවරණය කරගෙන තිබේ.

ඔහු රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පැකට් 08ක් තුළ, මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය ප්‍රමාණය සගවා ගෙන තිබී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්