ඉදිරියේදී සෑම මගී ප්‍රවාහන බස් රථයකටම GPS සවිකරයි

ඉදිරියේදී සෑම මගී ප්‍රවාහන බස් රථයකටම GPS සවිකරයි

සෑම මගී ප්‍රවාහන බස් රථයකටම GPS උපකරණයක් සවිකිරීමටත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කටයුතු සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) ස්ථාපිත කිරීමටත් බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ පවසයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් මගී ප්‍රවාහන බස් රථවලට ලබා දී ඇති වේලාවන් නිරීක්ෂණය කිරීමට GPS තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි. බස් නැවතුම්පොළ සහ බස් නැවතුම් වෙත නියමිත වේලාවට පැමිණීම නිරීක්ෂණය මෙන්ම බස් සෙමෙන් ධාවනය කළහොත් එම පණිවුඩය ස්වයංක්‍රීයව පද්ධතියට ලැබෙන අයුරින් මෙම GPS පද්ධතිය නිර්මාණය කිරීමට නියමිතය.

මෙම GPS උපකරණ අගෝස්තු මාසය වන විට බස්වලට සවිකර අවසන් කිරීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරයි. මෙම වසර අවසන් වනවිට බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසීමට සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජයසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.

Facebook
Twitter
LinkedIn