හය ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩ අද (19) සිට ක්‍රියාත්ම වන පිරිදි තහනම් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉහළ තනතුරු දරන නිලධාරීහු දෙදෙනෙක්ද මේ අතර සිටින බව වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ හිටපු ලේකම් රංජිත් ආරියරත්නගේ මූලික විමර්ශන වාර්තාව අනුවය.
පසුගිය 17 වනදා පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පාලක සභා රැස්වීමට එම වාර්තාවද ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පාලක සභාව සාකච්ඡා කර තිබේ. මෙම සතියේද යළිත් පාලක සභාව රැස්වීමට නියමිතව ඇත. එම වාර්තාවේ ඇතැම් කරුණු එහිදී යළිත් සාකච්ඡා කිරීමට නියමිතය.
කෙසේ නමුත් වැඩතහනම් කිරීමේ තීරණය අද සිටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මොඩියුල සම්බන්ධ ගැටලුව උද්ගත වීමට හේතුව නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අවිධිමත් බව යැයිද එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවත් පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්ද වහාම ආරම්භ කෙරෙන අතර එම පරීක්ෂණයෙන් පසු වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැඩිදුරටත් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.










