ශ්‍රී ලංකාවට කාලගුණ බලපෑම් කළ හැකි අවපීඩන කලාපයක් බෙංගාල බොක්ක සාගර ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අතර හෙට (08) සිට ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු මැද සහ උතුරු පළාත්වලට ඇති විය හැකි බව නිවේදනය කර තිබේ. විශේෂයෙන් ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලට සහ නුවරඑළිය, මාතලේ, පොලොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තද වැසි ඇති විය හැකි බවට නිවේදනය කරයි.
මේ වනවිට මධ්‍යම කඳුකරයේ පාංශු සන්තෘත්ත බව ඉහළ බැවින් නායයාම් අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කරමින් පවතී.
2025 ජනවාරි 07 උදෑසන 9.32ට චන්ද්‍රිකා ඡායාරූප

203










