දින තුනක පුළුල් ක්‍රියාන්විතයක්

දින තුනක පුළුල් ක්‍රියාන්විතයක්

රට පුරා තිබෙන පළාත් පාලන ආයතන 341ම ආවරණය වන පරිදි “නිකසල පුරයක් – සුවබර දිවියක්” තේමාවෙන් පුළුල් බහුජන මෙහෙයුමක් දියත් කෙරේ.

හෙට (07) සිට 09 වෙනිදා දක්වා දින තුනක් තුළ දියත් කරන මෙම සුවිශේෂී මෙහෙයුම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරයි. මෙහි පළමු දිනයේ දී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් වෙනුවෙන් ශ්‍රමදාන කටයුතු දියත් කිරීමට නියමිත ය.

ඊළඟ දින දෙක තුළ පාසල්, ආගමික ස්ථාන, පොදු මහජනතාව ගැවසෙන වෙනත් ස්ථාන සම්බන්ධයෙන් පවිත්‍රතා මෙහෙයුම් දියත් කිරීමට සියල්ල සූදානම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn