සිනා දොලක්

සිනා දොලක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මක කණ්ඩායම් රැසක් ඉතාමත් නින්දිත ප්‍රහාර දියත් කර තිබූ අතර, එයට එරෙහිව පොදු ජනතාව ප්‍රතිචාර දක්වමින් සිටී.

විශේෂයෙන් ම, කාන්තාවන් දේශපාලනයට ප්‍රවේශ වී නායකත්වයට පත්වීමේ කඩඉමක් සටහන් කළ සිරිමාවෝ බණ්ඩාරනායකට එරෙහිව ද 1960 ජූලි මැතිවරණය ඉලක්ක කර ගනිමින් නින්දිත ප්‍රහාර දියත් කර තිබිණි. ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එවකට දී ප්‍රචාරය කර තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වුවහොත් මාසයකට වරක් අගමැති පුටුව සේදීමට සිදු වනු ඇති බවයි. එවන් ඉතිහාසයක් තුළ වත්මන් අගමැතිවරියට එරෙහිව ද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙන් ම, අතීතයේ එවැනි අත්දැකීමකට මුහුණ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් පවා එම මඩ ප්‍රහාරයට මූලිකත්වය ගෙන සිටිති. එයට එරෙහිව ෆේස්බුක් සමාජ ජාලාව තුළ පළ කර තිබූ කවියක් උපුටා ගෙන පහත දැක්වේ.

නින්දා අපහාස මඩ රළ සේ නැඟුණී
එතකොට තව තවත් වැඩි වැඩියෙන් දිලුණී
ඔප වන්නට මැණික් තැන් තැන්වල කැපුණී
එනිසා තවත් නුඹ හිනැහිය යුතු හරිනී
-උපුටා ගැනීම ගයාන් පීරිස් ගෙන්…

Facebook
Twitter
LinkedIn