සභා ලේකම්ට තග දැමූ මතුගම සජබ සභාපති රක්ෂිත බන්ධනාගාරයට

සභා ලේකම්ට තග දැමූ මතුගම සජබ සභාපති රක්ෂිත බන්ධනාගාරයට

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිය රාජකාරියට සභාපති විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකළ අතර පොලිසිට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවය.

මීට දින කිහිපයකට පෙර මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එම ලේකම්ට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබිණි.

Facebook
Twitter
LinkedIn