රජයට ආදායම් උපයා දෙන ප්‍රධාන දෙපාර්තමේන්තු තුනක ඉලක්ක පසුගිය වසරේ දී ඉක්මවා ගිය අතර, රාජ්‍ය ව්‍යවසායකවල කාර්යක්ෂමතාව සහ ලාභ ඉපයීමේ හැකියාව ද තහවුරු කරමින් පවතී.
සුරා බදු දෙපාර්තමේන්තුව ගෙවී ගිය වසරේ දී රුපියල් බිලියන 227.4ක ඉලක්කයක් ලබා තිබූ අතර වසර අවසන් වනවිට රුපියල් බිලියන 231.3ක ආදායම් උපයා තිබිණි. එමෙන් ම, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2,170ක ආදායම් ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 2,203ක් ද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 2,115 රුපියල් 2,415ක් ද ආදායම් උපයා ඇත.
මේ අනුව එම දෙපාර්තමේන්තු ත්‍රිත්වය 2025 ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 336.9ක, එනම් රුපියල් කෝටි 33,690ක ආදායම් උපයා ඉතිහාස ගත වාර්තාවක් තබා තිබේ. මෙයට පෙර වසරවල ජාතික අයවැය යෝජනා මගින් එම ආයතන වෙත ලබා දුන් වාර්ෂික ආදායම් ඉලක්කවලින් සපුරා ගෙන තිබුණේ 90%වඩා අඩු ප්‍රමාණයකින් ය. මෙවර ප්‍රථම වතාවට එම ඉලක්ක 100% ඉක්මවා තිබේ.










