කේරල ගංජා ජාවාරමේ නිරත නල්ලූර් ප්රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්රීවරයකු අද (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
එම නිලධාරීන් සැකකාර ITAK මන්ත්රීගේ නිවස වැටලූ අවස්ථාවේදී සැකකරුගේ නිවසේ අල්මාරියේ සඟවා තිබියදී ගංජා කිලෝ 04යි ග්රෑම් 800ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්රීට මන්නාරම්ම ප්රදේශයේ පුද්ගලයකු විසින් මීට දින කීපයකට පෙර කේරල ගංජා කිලෝ 10ක් ලබා දී තිබූ අතර ඉන් කොටසක් විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුට එම ගංජා තොගය ලබා දුන් පුද්ගලයා සහ එම ගංජා ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
Views: 0










