නාමල්ගේ දෙවියා රමිත රඹුක්වැල්ල

නාමල්ගේ දෙවියා රමිත රඹුක්වැල්ල

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව තියමින් වත්මන් රජයට විරෝධය පා නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කර ඇති නාමල් රාජපක්ෂගේ රැළිය කවුරුන් වෙනුවෙන් ද යන්න රමිත රඹුක්වැල්ල අධිකරණ භූමිය තුළ දී ම තහවුරු කරන ලද බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ.

රමිත රඹුක්වැල්ල කෙටි කාලයක් තුළ දී රුපියල් කෝටි 27කට ආසන්න වත්කම් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ඊයේ (11) මහාධිකරණය මගින් අධි චෝදනා බාර දෙනු ලැබීය. එම අධි චෝදනා මහාධිකරණ විනිසුරු ඉදිරියේ අත්සන් කොට බාර ගත් රමිත රඹුක්වැල්ල අධිකරණ භූමිය තුළ දී සහ ඒ ආසන්න පිටත දි දෙවරක් ම හස්ත සංඥාවෙන් අධිකරණයට අපහාස කරනු ලැබීය.

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස නුගේගොඩ රැළිය සැලසුම් කර ඇත්තේ අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු කටයුතුවල චූදිතයන් බේරා ගැනීමට බව මේ වනවිටත් කරුණු සහිතව තහවුරු වී තිබේ. අධිකරණ භූමිය තුළ සිදු කළ එම අපහාස ක්‍රියාව පිළිබඳව අදාළ වගකිය යුතු අංශ කුමන පියවරක් ගන්නේ දැයි දැඩි කතා බහක් ඇති වී තිබේ.

Facebook
Twitter
LinkedIn