මේ වන විට සෙනගාලයේ PASTEF තරුණ පක්ෂය බලයට පැමිණ වසරක් පිරෙද්දී දූෂිත විපක්ෂය විසින් ජනතාව මුලා කිරීම සඳහා සිදු කරමින් පවතින කුමන්ත්‍රණ වලට එරෙහිව දැවන්ත රැළියක් එරට අගනුවර ඩකා හි දී අගමැති Ousmane Sonko හි ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මීට පෙර පැවැති දූෂිත MACKY SALL පවුල් පාලනය විසින් ඩොලර් බිලියන 7ක ණය අන්තර් ජාතික මුල්‍ය අරමුදලට(IMF) සැඟවීම නිසා සෙනගාලය මේ වන විට පවතිනුයේ ආර්ථික හා දේශපාලන අර්බුධ සහිත තත්වයකය. බලයෙන් පහ වූ විපක්ෂයේ නායක කාරකාදීන්ට එරෙහිව දියත් කර තිබෙන අධිකරණ ක්‍රියාදාමයන් නිසා පාලක පක්ෂය තුල බෙදීම්, ගැටුම් ඇති බව පවසමින් හා අත්දැකීම් නැති අය ලෙස පෙන්වමින් ගෙන යන සමාජ ජාලා ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් හා රට පුරා විපක්ෂය කැඳවන උද්ඝෝෂණ හේතුවෙන් මෙම නොවැම්බර් 8 වන සෙනසුරාදා විශාල රැලියක් PASTEF විසින් සංවිධානය කළේය.
මේ රැලියට දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්වූ අතර ඔවුන් අමතා අගමැති Ousmane Sonko, පැවසුවේ පසුගිය වසරේ රට තුළ සොයාගත් ඩොලර් බිලියන 7ක සැඟවුණු ණය සඳහා වගකිව යුතු හිටපු ජනාධිපති MACKY SALL සහ ඔහුගේ දූෂිත පක්ෂයට හා කල්ලියට නැවත වරක් රටේ පාලන බලය ලබා ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බවට දිවුරා ප්‍රකාශ කළේය. සෙනගාල අගනුවර ඩකාර්හි ලියෝපෝල්ඩ්-සේඩාර්-සෙන්ගෝර් ක්‍රීඩාංගනයේ පැවති මෙම විශාල PASTEF රැලියට දස දහස් ගණනක් ජනයා සහභාගී වූ බව විදේශ මාධ්‍ය ද වාර්තා කල අතර රතු සහ කොළ පැහැති ඇඳුම් ඇඳගත් PASTEF පක්ෂ ක්‍රියාකාරීන් රටේ දුෂ්කර පළාත් වල සිට අසීරු කොන්දේසි යටතේ රැලියට පැමිණ තිබිණි. 2024 මාර්තු 24 වන දින පැවති ජනාධිපතිවරණයෙන් පසු පැස්ටෙෆ් බලයට පත් වී මාස 18 කට පසු, පැස්ටෙෆ්ට ඔවුන්ගේ සහයෝගය නැවත තහවුරු කිරීමට සියලු දෙනා PASTEF නායක Ousmane Sonko යටතේ එක්රැස් වීමට තීරණය කර ඇත.
“බොහෝ අය තරුණයින් මෙම පක්ෂය අතහැර දමා ඇති බව පවසන නිසා, එහි ශක්තිය පෙන්වීමට සහ මෙය සත්‍ය නොවන බව ඔප්පු කිරීමට අපි සියලු දේශප්‍රේමීන් නැවත එක්රැස් කිරීමට තීරණය කළෙමු,” යයි තම බලය අගනුවරට ගෙන්වා ශක්තිය පෙන්වීමෙන් සතුටට පත් PASTEF ක්‍රියාකාරිකයෙකු වන චෙයික් ඩයොප් රොයිටර් මාධ්‍ය සේවයට පැහැදිලි කළේය.
තම කතාවේදී, Ousmane Sonko තම ආධාරකරුවන්ට අනතුරු ඇඟවීමක් කළේය: පසුගිය වසරේ සොයාගත් සැඟවුණු ණය සහ රටේ තීරණාත්මක මූල්‍ය තත්ත්වය හේතුවෙන්, සියලුම සෙනගාල ජාතිකයින්ට කැපකිරීම් කිරීමට සිදුවනු ඇති බව ඔහු අනතුරු හැඟවීය. මෙම තත්වයට වගකිව යුතු හිටපු ජනාධිපති මැකී සාල්ට රාජද්‍රෝහී චෝදනාවකට ලක් කර නඩු පැවරීමේ ඔහුගේ අභිප්‍රාය නැවත තහවුරු කරමින් සහ වඩාත් පුළුල් ලෙස ඔහුගේ පක්ෂය වන ජනරජ සන්ධානය (APR) ඉලක්ක කර ගනිමින් පැවසුවේ රටේ නීතිය හා සාමය උල්ලංඝණය කරමින් ඔවුන් ක්‍රියා කරත් නම් එම පක්ෂය තහනම් කිරීමට තමන් කිසිසේත් නොපැකිලෙන බවටද අවධාරණය කරමිනි.
“අද රට තුල සියලු ගැටලු පැන නගින්නේ APR දූෂිත පක්ෂය හා එහි සභාපති MACKY SALL සහ ඔහුගේ පෙර පාලන තන්ත්‍රයෙනි. එය එහි නීත්‍යානුකූලභාවය අහිමි වූ පක්ෂයක් වන අතර එය අපරාධකාරී පක්ෂයක් බැවින් එය විසුරුවා හැරිය යුතුය. මෙම පක්ෂය විසුරුවා හැරීමට අපි නියෝගයක් අත්සන් කළ යුතුයි, එවිට එහි සාමාජිකයින් සෙනගාල ජනතාවට ඔවුන් කර ඇති හානිය සඟවමින් රජයට එරෙහිව දවස පුරාම සිදු කරන අසත්‍ය ප්‍රචාර සිදු නොකරනු ඇත!” යයි අගමැති සොන්කෝ ප්‍රකාශ කළේය.
PASTEF සභාපති ඔස්මන් සොන්කෝ තම දේශණය පුරා රෝගී ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සියුම් පියවර ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුගේ ආධාරකරුවන් නැවත සංවිධානය කිරීම පමණක් නොව, ඔහු සහ ජනාධිපති Bassirou Diomaye Faye අතර රජයේ ඉහළම මට්ටම්වල බෙදීමක් පිළිබඳ කටකතා පිළිබඳව මෙන්ම ඔහුගේ පක්ෂයේ ශක්තිය සහ ජනප්‍රියත්වය නොවෙනස්ව පවතින බව පෙන්වීමට උත්සහ කරනු ලැබිණි. තම පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් අතර නොසැලෙන ජනප්‍රියත්වයක් සහ බලමුලු ගැන්වීමේ හැකියාව තවමත් ඔහුට ඇති බව විපක්ෂයට තම ශක්තිය පෙන්වීම රැලියේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
පාලක PASTEF පක්ෂය බලයට පත්වීමෙන් පසුව පෙර පවතී රජයන් හා පැරණි පාලකයා විසින් සිදු කරන ලද දූෂණ සොයා බැලීම සඳහා අධික බලතල ඇති ස්වාධීන අධිකරණයක්(CENTIF) පිහිටුවන ලදී. මෙම ආයතනය එරට මහාධිකරණය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, පසුගිය පාලන කාලය තුලදී සිදු කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇමතිවරුන්ට හෝ ජනරජයේ ජනාධිපතිවරයෙකුට නඩු පැවරීමට බලයලත් එකම ආයතනය ද වේ. එහි පුර්ණ වාර්තාවකින් පසුව, සෙනගාල මූල්‍ය අභිචෝදක කාර්යාලය විසින් සිදු කරන ලද අධිකරණ පරීක්ෂණ මගින් පැවති පාලනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
අදාළ විමර්ශන තුලදී CENTIF අධිකරණ ආයතනය විසින් සැක සහිත මුදල් ගලා ඒම් හා ඒවා රටින් පිටවීම් ගැන සැලකිලිමත් වූ අතර, දේපළ වෙළඳාම් ගනුදෙනුවලට අදාළ මුදල් විශුද්ධිකරණ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්හ කරන ලදී. මෙම අධිකරණ ක්‍රියා දාමය තුලදී හිටපු ජනාධිපති MACKY SALL යටතේ සිටි හිටපු අමාත්‍යවරුන් 5 දෙනාටම කොවිඩ්-19 සහන අරමුදල කළමනාකරණය සම්බන්ධයෙන් “අනවසරයෙන් මුදල් ලබා ගැනීම” හෝ “රාජ්‍ය මුදල් අවභාවිතය” සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මේ වනවිට පසුගිය රජයේ සාමාජිකයින් 115 දෙනෙකු අත්අඩංගුවේ පසුවේ. අධිකරණ ක්‍රියාදාමයන් උත්සන්න වීමත් සමග හිටපු ජනාධිපති MACKY SALL තම පවුල සමග මොරෝකොවට පැන ගියේය.
එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනාධිපතිවරයා වන MACKY SALL ගේ සහෝදරයා වන අලියෝ සල් හා ඔහුගේ බිරිඳ ඔක්තෝම්බර් 9 වන බ්‍රහස්පතින්දා පොලිස් අත්අඩංගුවට පත්වන ලදී. මේ අයුරින්ම තවත් විශාල පිරිසක් අත්අඩංගුවට පත්වීමත් සමග විපක්ෂයේ පක්ෂ තනි පෙරමුණකට පැමිණ තම ආධාරකරුවන් යොදා ගනිමින් රට පුරා ඒකාධිපතිත්වයට හා මර්දනයට එරෙහිව යයි කියමින් පෙළපාලි හා උද්ඝෝෂණ සංවිධානය කරනු ලැබිණි. සමාජ ජාලා ඔස්සේ පාලක PASTEF පක්ෂය තුල ගැටුම්, අගමැති හා ජනාධිපති අතර ගැටුම් වැනි අසත්‍ය ප්‍රචාර සංචරණය වූ අතර එයට පිළිතුරු දීම සඳහා පසුගිය සෙනසුරාදා ඩකා නුවර රැස්වීම සංවිධානය කෙරුනේ දැවැන්ත ජනතාවකගේ සහය ඇතිව වේ.
කෙසේ වෙතත් සෙනගාලය මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ 14% ක අයවැය හිඟයක් සහ රාජ්‍ය ණය ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 119% ක් නියෝජනය කරන, විරැකියා අනුපාතය 20% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර දරිද්‍රතාවය ජනගහනයෙන් 35.7% කට බලපා ඇත. අගෝස්තු මස මුලදී, අගමැති සොන්කෝ විසින් රටේ “ආර්ථික ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කිරීම” සඳහා දේශීය සම්පත් මගින් “90%” අරමුදල් සැපයීමට අදහස් කරන “ආර්ථික සහ සමාජීය ප්‍රතිසාධන සැලැස්මක්” එළිදක්වන ලද අතර, එය තවදුරටත් මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කරමින් සිටී.
2025 මාර්තු 25 වනදා මුල්‍ය අරමුදල විසින් 2019 සහ 2024 අතර කාලය තුළ ආසන්න වශයෙන් සෙනගාලය තුල ඩොලර් බිලියන 7 ක “සැඟවුණු” ණයක් පිළිබඳව හෙළි දරව් කිරීමත් සමග සෙනගාල ආර්ථිකය අර්බුධයට ලක් වනුයේ පාලක PASTEF පාලනයද අපහසුතාවයකට පත් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ 2019 සහ 2024 අතර කාලය තුළ මැකී සෝල් පරිපාලනය විසින් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7 ක ණයක් සැඟවීම, රාජ්‍ය ණය සහ අයවැය හිඟය වැනි ප්‍රධාන දර්ශකවල සත්‍ය සංඛ්‍යා හිටපු ජනාධිපති MACKY SALL විසින් IMF වෙත වසන් කර ඇති බවයි. මෙම හෙළිවීමත් සමග ඇමරිකානු ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය විසින් 2025 ඔක්තෝබර් 10 වන දින එහි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම “B3” සිට “Caa1” දක්වා පහත හෙලීය. වසරකටත් අඩු කාලයක් තුළ එම ආයතනය විසින්ම එහි ස්වෛරී ශ්‍රේණිගත කිරීම තුන්වන වරටත් පහත හෙලීම PASTEF රජය විසින් මූඩීස් ක්‍රමවේද සහ විශ්ලේෂණ තරයේ හෙළා දුටු වේය.
එහිදී PASTEF නායක එරට ජනාධිපති Bassirou Diomaye Faye කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දීමට සහ ජනගහනයේ ක්ෂණික අවශ්‍යතා සලකා සහල්, තෙල්, සීනි සහ පාන් වැනි ප්‍රධාන ආහාරවල මිල අඩු කිරීමක් නිවේදනය කළේය. සෙනගාලය එහි ආර්ථික ස්වෛරීභාවය සහ මූල්‍ය ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍යයට ආදායමෙන් ඉහල නැංවීම සඳහා හැකිතාක් තෙල්, ගෑස් සහ පතල් ගවේෂණ සඳහා පෙර පැවැති පාලනය විසින් අත්සන් කරන ලද සම්මුති නැවත සාකච්ඡා කිරීමට ඔහු අදහස් කරයි. බදු ප්‍රතිසංස්කරණ සලකා බලමින් සිටින අතර, ප්‍රංශය සමග අත්සන් තබා ඇති CFA ෆ්‍රෑන්ක් අත්හැරීමට ඔහුගේ කැපවීම නැවත අවධාරණය කර ඇත. සෙනගාල රාජ්‍යය දිනකට තෙල් බැරල් 100,000 ක නිෂ්පාදනයක් කරා ළඟා වීමට බලාපොරොත්තු වන අතර එය මොරිටේනියාව සමඟ බෙදා ගන්නා GTA ගෑස් ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායමෙන් කොටසකින් ද ප්‍රතිලාභ ලබනු ඇත. තෙල් ආදායමට ස්තූතිවන්ත වන්නට, ඔහුට අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය විවිධාංගීකරණය කිරීමටයි. දේශීය සම්පත් වඩා හොඳින් සංවර්ධනය කිරීම, විනිවිදභාවය සහ විනය මත විදේශීය ආයෝජකයින් දිනා ගැනීම, රාජ්‍ය මූල්‍ය පද්ධතිය පිරිසිදු කිරීම සහ ඉහළ ජීවන වියදම අවසන් කිරීම ටද ඔහු ජනතාවට සහතික වුයේ මෙම අසීරු අවස්ථාවේ කැපකිරීම් කිරීමට ද ජනතාවට ආයාචනය කරමිනි.
එහෙත් ඉතා කෙටි කාලයක් තුලදී සෙනෙගාලයේ ජීවන වියදම හා උද්ධමනය ඉතා අනපේක්ෂිත ලෙස ඉහල ගිය අතර ඔක්තෝබර් 31 වන සිකුරාදා, විපක්ෂයේ පක්ෂ 70 කින් සමන් විත නව විපක්ෂ පෙරමුණේ කැඳවීම මත දහසකට අධික පිරිසක් ඩකාන හි වීදි බැස ජිවන වියදමට එරෙහිව, දේශපාලන නායකයින් හා මාධ්‍ය ක්ෂේත්‍රවල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ප්‍රකාශනයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ලෙස ඉල්ලා රජයට විරුද්ධව පෙළපාලි කැඳවුහ. මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට සැලකිය යුතු පිරිසක් සහභාගී වූ අතර එයට පිළිතුරු දීම සඳහා PASTEF පක්ෂය ද රට පුරා සිටින තම ආධාර කරුවන් සමග නොවැම්බර් 8 වන සෙනසුරාදා දැවැන්ත රැලිය අගනුවර ඩකා හි සංවිධානය කර තිබිණි.
එම රැලියට සහභාගී වූ දහස් සංඛ්‍යාත ජනතාව ඇමතු අගමැති OSMAN SONKO පැවසුවේ තමන්ට එරෙහිව ජනාධිපති ජනාධිපති Bassirou Diomaye Faye හරවා ගැනීම සඳහා උපක්‍රමශීලීව ඔහු හුදකලා කිරීමට විපක්ෂයට අවශ්‍ය වී ඇති බවත් දැනට මොරොක්කෝවේ පදිංචිව සිටින හිටපු ජනාධිපති මැකී සාල්ට “ඔහු ප්‍රමාණවත් තරම් නිර්භීත නම්” සෙනගාලය වෙත ආපසු පැමිණෙන තම චෝදනා වලට මුහුණ දෙන ලෙස ද එසේම ඔහුට හා ඔහුගේ සහචරයන්ට එරෙහිව දියත් කර ඇති අධිකරණ ක්‍රියාදාමයන් කිසිදු අයුරකින් නතර නොකරන බවටද තම දේශණය පුරාවටම සහතික විය.
අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්චා සම්බන්ධයෙන් ඔහු පැවසුවේ,
“මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා දුෂ්කරයි. ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යෝජනා කරනවා. නමුත් එම යෝජනාව ණය පැහැර හැරීමට හේතු වනු ඇත, එනම් සෙනගාලයට තවදුරටත් ණය ගෙවීමට නොහැකි බංකොලොත්භාවයට ආසන්න රටක් බවට ජාත්‍යන්තරය තුල සටහන් වෙනවා. එවිට අපිට කවුරුත් යලි ණය දෙන්නේ නෑ ආයෝජකයින් එන්නෙත් නෑ. එම නිසා අපට ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය නොවන බව අපි ඔවුන්ට පැවසුවා; එය අපිට නින්දිත ප්‍රථිපලයක් ජාත්‍යන්තරය තුල ඇති කිරීමට හේතුවෙනවා. අපි ගෞරවයෙන් හා ආඩම්බරයෙන් යුත් රටක් ලෙස සිටීමට කැමැත්තෙමු,” යයි ඔස්මන් සොන්කෝ පැවසුවේ තම ආධාරකරුවන්ගේ ඔල්වරසන් මධ්‍යයේය.
කෙසේවෙතත් තම දේශණය තුලදී මූල්‍ය අරමුදල සමග සාකච්චා නතර කරන බවට හෝ ණය නොගෙවා සිටින බවක් osman sonko පවසා සිටියේ නැත.











