මාලදිවයින තුළ පරම්පරාගත දුම්කොළ තහනමක් නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම නීතිය 2007 ජනවාරි මාසයෙන් පසු උපන් ඕනෑම පුද්ගලයෙකුට අදාළ වන අතර, ඔවුන්ට මාලදිවයින තුළ දුම්කොළ නිෂ්පාදන මිල දී ගැනීම, භාවිත කිරීම හෝ විකිණීම තහනම් වේ.
මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ දුම්කොළවලින් තොර පරම්පරාවක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බවත්, එරට ජනාධිපති විසින්ද මෙම නව නීතිය අනුමත කර ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නීතිය කඩ කරන බාල වයස්කරුවෙකුට දුම්කොළ නිෂ්පාදන විකිණීමේ වරදට ඩොලර් 3,200ක පමණ දඩයක් හිමි වන අතර, ලොව සුඛෝපභෝගී සංචාරක ව්‍යාපාරයකට හිමිකම් කියන මාලදිවයිනට පැමිණෙන සංචාරකයින්ටද මෙම නීතිය අදාළ වේ.
විද්‍යුත් සිගරට් සහ වේප් නිෂ්පාදන ආනයනය, විකිණීම, බෙදා හැරීම, සන්තකයේ තබා ගැනීම සහ භාවිත කිරීමද මෙම තහනමට ඇතුළත් වන අතර, එය වයස නොතකා සියලුම පුද්ගලයින්ට බලපැවැත්වෙන අතර, වේප් උපාංග භාවිතා කළහොත් රුෆියා 5,000ක දඩයකට යටත් වීමට සිදු වේ.
දුම්පානයට එරෙහිව එවැනි නීතියක් මුලින්ම පැනවූ රට වූයේ නවසීලන්තය වන අතර පසුව එම නීතිය 2023 වසරේ ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළේය.
මාලදිවයින මෙම නීතිය පැනවීමත් සමඟ මේ වනවිට එවැනි තහනමක් ඇති එකම රට වන්නේ මාලදිවයිනයි.










