ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර එම බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බෝට්ටුව, ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ.පී ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී තිබේ.
අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී ඇත්තේ, මිනිස් ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති යාපනය, උදයපුරම් ප්‍රදේශයේ පදිංචි ඒ.පී ආනන්ද නමැති මෙම සැකකරු තිහාරිය, මාගොඩවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් පසුගිය 21 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදීය.
සැකකාර ඒ.පී ආනන්ද පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වන අතර මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කිලිනොච්චියේ නිවසක සඟවා තිබූ පිස්තෝල දෙකක් සහ ජීව උණ්ඩ තොගයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.










