ගල්කිස්ස අධිකරණයේ සිදුවීම : PC වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

ගල්කිස්ස අධිකරණයේ සිදුවීම : PC වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ වූ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

එමෙන්ම එහිදී පොලිසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පොලිස්පති වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවය.

තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, “හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපති මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යැයි පැවසීය.

Facebook
Twitter
LinkedIn