සීනිමෝදර මත්ද්‍රව්‍ය සඟවා තිබූ තවත් නිවසක් හමුවෙයි – තවත් අයෙකුත් අත්අඩංගුවට

සීනිමෝදර මත්ද්‍රව්‍ය සඟවා තිබූ තවත් නිවසක් හමුවෙයි – තවත් අයෙකුත් අත්අඩංගුවට

තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තැබු බව කියන තවත් නිවසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඊයේ (01) දිනයේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ `බෙලිඅත්තේ සනා’ නැමති මෙම අපරාධකරු බව පොලිසිය සඳහන් කරයි.

විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලිසිය විසින් සොයාගනු ලැබීය.

`උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අදාළ ජාවාරමට සම්බන්ධ `බෙලිඅත්තේ සනා' නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වනභූමිතෙලා’ නමැත්තාගේ සමීපතමයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තැබු බව කියන තවත් නිවසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

තංගල්ල මාරකොළනිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට යොදාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn