`පොට්ට අමිල’ ඇතුළු තිදෙනෙක් මත්පෙති සහ අයිස් සමග අත්අංගුවට

`පොට්ට අමිල’ ඇතුළු තිදෙනෙක් මත්පෙති සහ අයිස් සමග අත්අංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වන `පොට්ට අමිල’ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති 5,300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15,000ක්ද සමග මොරගහහේන පොලිසිය විසින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන 3ක්ද පොලිසිය සිය භාරයටට ගෙන තිබේ.

සැකකරුගේ සමීපතමයෙකු ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව‍්‍ය බෙදාහැරීම සඳහා පැමිණෙමින් සිටිනබවට මොරගහහේන පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිග්‍රෑම් 2,200ක් සොයාගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම මත්ද්‍රව‍ය `පොට්ට අමිල’ විසින් තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා තමන් වෙත ලබාදුන් බවය.

පසුව `පොට්ට අමිල’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස සොයා යාමේදී ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිග්‍රෑම් 10,100ක් සහ මත්පෙති 5,000ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම අනෙක් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිග්‍රෑම් 2,100ක් සහ මත්පෙති 300ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොට්ට අමිල' නැමැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනමෝල් කසුන්’ සහ `මන්නා රමේශ්’ නැමැත්තන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු බවත් මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව ඔහුගේ දෑස් අන්ධ භාවයට ලක්ව ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Facebook
Twitter
LinkedIn