නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස පත් කර ගත් හිටපු අගවිනිසුරුවරියක් වන සුෂිලා කාර්කි සිය පත්වීමෙන් පසු සිය ප්‍රථම කාර්යය ලෙස එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
ඇය ඊයේ (12) රාත්‍රියේ අගමැතිනිය ලෙස දිවුරුම් දුන් අතර ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඉතිහාසගතවිය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මත නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.
මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වේ.
501










