මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව.
390










