මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව විශාල වශයෙන් දොර කවුළු විවෘත කළ ත්‍රාඩ දේශපාලනය නිසා හිටපු ඇමතිවරුන් රැසකගේ පුතුන් හට මේ වනවිට නීතිය හමුවේ විවිධ චෝදනා එල්ල වී තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න, රඛිත රඹුක්වැල්ල සහ නැසී ගිය ලොහාන් රත්වත්ත එලෙස නොමග ගිය ඇමති පුතුන් අතර පෙරමුණේ සිටිති. එයින් වඩාත් ම ඛේදනීය තත්වයට පත් වී සිටිනනේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ය. ඔහුගේ සුව දුක් බැලීමට රාජපක්ෂ පවුලේ කිසිවකු හෝ රක්ෂිත බන්ධනාගාරය වෙත ගිය බවට මේ දක්වා වාර්තා නොවේ.
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් ව, මහාධිකරණය හමුවේ චුදිතයෙකු වී සිටී.
2,327










