තැපැල් වැඩවර්ජකයන් ඉල්ලා සිටි ඉල්ලීම් 19 අතර පැවති ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම සහ අතිකාල දීමානා පිළිබඳ ඉල්ලීම් දෙක රජය ත්‍රීරණය කළ පරිදි දිගටම සිදු කරන බවත් වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කිරීමට සේවකයින් එකඟ වූ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ තැපැල් වෘත්තීය සමිති සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
ඒ අනුව මධ්‍යම තැපැල් හුවමාරුවේ පාලන සහ මෙහෙයුම් යන කොටස් දෙකටම ඇඟිලි සළකුණු යන්ත්‍ර හෙට (25) සිට ක්‍රියාත්මක වන බවත් එමෙන්ම රජය විසින් පසුගිය මාර්තු මාසයේදී යෝජනා කරන ලද අතිකාල දීමනා කිසිවක් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් ඔහු එහිදී අවධාරණය කළේය. අතිකාල සහ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති පිළිගත් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඉතිරි ඉල්ලීම් 17 සඳහාද මේ වනවිටත් යම් මට්ටමකින් ක්‍රියාමාර්ග අනුගමණය කරමින් සිටින බවත් එහි ඇති සේවා ව්‍යවස්ථාව, රාජකාරී පිළිබඳ නවී කරණය, ඩිජිටල් කරණය, වාහන ආදී පිළිබඳව බවත් එහි සමහර කාරණාවලට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇති බවත් තවත් කාරණා පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ඉදිරියේදී එම කටයුතු කඩිනම් කිරීම සඳහා තැපැල් වෘත්තීය සමිතිද සම්බන්ධ කරගනිමින් කටයුතු කරන බව ඔහු පෙන්වා දුන්නේය. තැපෑල ලාබ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම අද පස්වරු 04 සිට වර්ජනය අවසන් කර තමන්ගේ රාජකාරි නියමිත පරිදි ආරම්භ කිරීමට කටයුතු කිරීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාවය පල කළ බවද ඔහු සඳහන් කරයි.
සේවකයින් අද පස්වරු 04 සිට යළි රාජකාරී සඳහා වාර්තා කිරීමට එකඟවීම හේතුවෙන් වැඩවර්ජනයේ නිතර සේවකයින්ගේ වැටුප් අත් හිටුවීමටත් සේවය හැර ගියා සේ සළකා කටයුතු කිරීමටත් ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.










