ගාලුමුවදොර අරගලයට පහරදුන් දේශබන්දු අත්අඩංගුවට

ගාලුමුවදොර අරගලයට පහරදුන් දේශබන්දු අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2022 වසරේ ගාලුමුවදොර භූමියේ පැවති මහජන අරගලයට පහරදීමේ සිද්ධියට අදාළවය.

ඊට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින්, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව මෙලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn