අද (20) පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී පැවති විරෝධතාවය අවස්ථාවේ ඇඳිවත ගලවා දමමින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තැපැල් වෘත්තීය සමිතියේ ප්‍රධානියෙකු බව බව වාර්තා වේ.
නමින් විජිත උබේවර්ණ වන ඔහු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන එක්සත් පෙරමුණේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව දේශපාලන කටයුතුවල නිරතවී තිබේ. ඉන් පසු යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග එක්ව තිබේ.
ඔහු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට පෙර තැපැල් සේවකුයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ පොහොට්ටු පක්ෂයේ වෘත්තීය සමිති මෙහෙයවන්නෙකු ලෙස කටයුතු කරමින් සිටී.
මේ අතර වාර්තා වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම මේ අකාරයට විකෘති කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව.
එමෙන්ම ඔහු එම විරෝධතාවය අවස්ථාවේ සඳහන් කළ නිල ඇඳුම් සඳහා රුපියල් 600ක දීමනාවක් ලබා දෙන්නේ යැයි පැවසීම සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබා දෙන් අතර රුපියල් 600ක් ලබා දෙනුයේ මැහුම් කුළිය ලෙසය. ඊට අමතවර පසත්තු සහ මේස්ද ලබා දෙන බව වාර්තා වේ.
පාපැදි දීමනාව වැඩි කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් සකස් කරමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ. එමෙන්ම යතුපැදි සහ ත්‍රීරෝද රථ පාවිච්චි කරන අයටත් ඉන්ධන දීමනාවක් ලබාදීමටත් යෝජනා වී තිබේ. බොහෝ විට එය යතුරුපැදි සඳහා රුපියල් 2000කුත් ත්‍රීරෝද රථ සඳහා රුපියල් 4000ක දීමනාවකුත් වනු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරයි.














