අද (30) පෙරවරුවේ උතුරු ශාන්තිකර සාගරයේ සිදු වී තිබෙන රිච්ටර් පරිමාණ 8.8ක භූමිකම්පාවක් සිදු වී ඇති අතර, ඉන් විශාලතම බලපෑම රුසියාවට සිදු වනු ඇතැයි අනතුරු අඟවා තිබේ.

ඊට අමතරව, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රාන්තවලට සුනාමි අනතුරු ඇඟවීම් සිදු කර ඇත. විශේෂඥයන් පෙන්වා දෙන්නේ 2011 වසරේදී ජපානයේ සිදු වූ භූමිකම්පාව සිදු වී වසර 13කට පසුව ඇති වූ ප්‍රබලතම භූමිකම්පාව මෙය බව ය. මෙයින් ජපානයේ මුහුදුබද ප්‍රදේශවලට මීටර් 3ක් උසින් යුතු සුනාමි රැල්ලක් කඩා වැදිය හැකි බවටත් අනතුරු අඟවා ඇත.
502










