ට්‍රම්ප්ගේ බදු තර්ජනය මැද යෝධ පිම්මක් පනියි…

ට්‍රම්ප්ගේ බදු තර්ජනය මැද යෝධ පිම්මක් පනියි…

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ හා සේවා මත 30%ක බද්දක් අගෝස්තු 01 සිට පනවන බව ප්‍රකාශ කර තිබියදීත් කොළඹ කොටස් වෙළඳපොළෝ සියලුම දර්ශකවල අගය ඉතිහාසයේ පළමු වතාවට ඒකක 19,000 ඉක්මවා ගියේය.

අද (15) පෙරවරුවේ මෙම වාර්තාගත කඩඉම පසුකළේය.

මේ වනවිට ඇමරිකාවද ලෝකයේ ණය ශ්‍රේණිගතකිරීම් දර්ශකවල AAA මට්ටමේ සිට AA දක්වා පහත හෙළා ඇති අතර ලෝකය පුරා ආර්ථික අවිනිශ්චිත තාවයක් පවතිද්දී කොළඹ කොටස් වෙළඳපොළ මේ ආකාරයට වාර්තා අතරට එක් වී සිටීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn