හෙද විද්‍යාලවලට නවතම සිසු සිසුවියන් 2650ක් බඳවා ගැනීම පිළිබඳ ගැසට් නිවේදනය ලබන 18 වෙනි දින නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (15) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
පසුගිය 2020, 2021 සහ 2022 යන වසරවල අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයෙන් විද්‍යා විශය ධාරා සමත් වූවන් මෙලෙස බඳවා ගන්නා බවත් ඊට අමතරව හෙද උපාධිධාරීන් 875ක් සඳහා පත්වීම් පිරිනැමීමට කටයුතු කරන බවත් පැවසීය.
වත්මන් රජය ජතනාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර දීම ප්‍රමුඛ ක්‍රියාමාර්ග අතරට ගෙන ඇති අතර උතුරු පළාතේ කිසිම හෙද හෙදියක් නොමැති රෝහල් 33ක් පවතින බවත් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් හෙළි කළේය.
264










