වනඅලින් ඉලක්ක කර සිදු කරන වෙඩි තැබීම්වලට එරෙහිව සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට එරෙහිව නීති දැඩි කිරීමේ අරමුණෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.
විශේෂයෙන් වනඅලින්ට වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත කරුණු වාර්තා වන බැවින් වනඅලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දී ඇත.
විශේෂයෙන් පුද්ගලික ඉඩම් කේනද්‍ර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැට සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බ්නධයෙනුත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳත් මෙහි දී සාකච්ඡා කර තිබේ.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීම සඳහා මේ වනවිට පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සාධනීය විසඳුම් ලබා ගනිමින් පවතින බවත් අලිමිනිස් ගැටුම් ප්‍රබල දිස්ත්‍රික්කයන් තෝරාගනිමින් අලි වැට ඉදිකිරීම් කටයුතු සිදුවන බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
එහි නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිළධාරීන් බඳවා ගැනීම සිදු කර ඇති බවත් සිවිල් ආරක්ෂක භටයන්ගේ සහයද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිත බැවින් වනඅලින්ට සිදුවන වෙඩිතැබීම් අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහෙදී තීරණය වී ඇත.
මේ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.
මෙම අවස්ථාවට පරිසර ඇමති වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය ඇමති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි ඇතුළු වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එක්වී සිටියහ.









