ත්‍රීවීල් ටයර් එකටත් 50%ක බද්දක්

ත්‍රීවීල් ටයර් එකටත් 50%ක බද්දක්

ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලෙන් කිරුළු පැළඳි රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා වැඩ කරන ජනතාව ප්‍රමුඛ සමස්ත පුරවැසියන් මත දරුණු ආර්ථික පීඩනයක් එල්ල කළ අතීතය අමතක කළ පිරිසක් ජනතාව නොමග යැවීමට කටයුතු කරමින් සිටිති.

රට බංකොලොත් කළ පසු ආහාර උද්ධමනය 57%ක් ඉක්මවා ඉහළ නැග තිබියදී උපයන විට ගෙවීම් මාසික කඩයිම් වැටුප් සීමාව රුපියල් 250,000ක සිට 150,000 දක්වා පහත හෙළීම ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ අතර, එම සංශෝධන 2022 ජූනි 01 දින සිට ක්‍රියාත්මක කරනු ලැබීය.

මහජනතාව සාමකාමී අරගලයකින් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරි පසුව පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපයන විට ගෙවීම් බදු කඩයිම් සීමාව රුපියල් ලක්ෂය දක්වා තව දුරටත් පහළට ගෙන ආවේය. ඒ වනවිට සමස්ත උද්ධමනය 49.6%කි.

මෙම අතීතය අමතක කළ අන්තගාමී වෘත්තීය සමිති විවිධ විරෝධතා පවත්වමින් සිටී. එදා ජනතාව මත පටවා තිබූ සමස්ත බදු බර ප්‍රමාණය සහ ආර්ථිකය හැකිළීමේ ක්‍රියාවලිය දත්ත පහතින් දැක්වේ.

රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල බදු කන්දක් පැනවූ හැටි

(මූලාශ්‍රය, බී.බී.සී. සිංහල වෙබ් අඩවිය 2022 ජූනි 02)

  • ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ආනයනික පලතුරු, යෝගට්, චීස්, ෆෝන්, ටයර් මත පනවා තිබූ රේගු බද්ද 15% සිට 200% දක්වා අධි භාරයක් තිබීම.
    • බයිසිකල් ටයර් සහ ත්‍රී රෝද ටයර් 50% යි
    • ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, විදුලිපංකා, ග්ලයින්ඩර්, රයිස් කුකර්, ස්මාට් ෆෝන්, කැමරා 100%
    • චීස් නිෂ්පාදන 100%
    • චොක්ලට් 50%යි.
    • ෂැම්පු සහ රූපලාවන්‍ය ආලේපන 75%
  • මීට අමතරව මෙම භාණ්ඩ මත විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතික ද විශාල වශයෙන් ඉහළ දැමීය.
    • යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 2000/-යි
    • අනෙකුත් කිලෝ ග්‍රෑමයකට රුපියල් 2000/-යි
    • වෙඬරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 1500/-යි
    • කිරීවලින් නිපදවූ තැවරුම් කිලෝ ග්‍රෑමයකට රුපියල් 2000/-යි
    • අනෙකුත් කිලෝ ග්‍රෑමයකට රුපියල් 2000/-යි
    • සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටි කරන ලද කේජු කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
    • රට ඉඳි (අලුත්) කිලෝ ග්‍රෑමයකට රුපියල් 200/-යි
    • රට ඉඳි වියලි කිලෝ ග්‍රෑමයකට රුපියල් 200/-යි
    • දොඩම් අලුත් කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
    • මිදි අලුත් කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
    • මිදි වියලි කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
    • ඇපල් කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
    • අනෙකුත් පලතුරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 600/-යි
  • වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ දැමීම
  • වැට් බද්දට යටතේ සීමාවට වසරකට මිලියන 300 සිට මිලියන 120 දක්වා අඩු කිරීම
  • පුද්ගල ආදායම් බද්ද මාසික කඩඉම් සීමාව රුපියල් 250000/- සිට රුපියල් 150000/- දක්වා අඩු කිරීම
  • සංස්ථාපිත ආදායම් බදු අනුපාත සහනදායී සීමාව 14% සිට 15% දක්වා ඉහළ දැමීම
  • සංස්ථාපිත බදු අනුපාතික සීමාව සහනදායී නොවන 24% සිට 30% දක්වා ඉහළ දැමීම
  • රඳවා ගැනීමේ බදු
    • පොලිය මත බද්ද 5%යි
    • ලාභාංශ මත බද්ද 14% යි
    • මසකට රුපියල් ලක්ෂය ඉක්මවන කුලී සඳහා 10%යි.
    • වෙනත් සියලුම අවස්ථා සඳහා 14%යි.
  • වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත මසකට කරන ගෙවීම රුපියල් ලක්ෂය ඉක්මවන විට 5%ක සේවා බද්දක් පැනවීම.
  • විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමීම

මෙම බදු පනවන ලද්දේ 2022 මැයි මාසය වන විට ආහාර මිල උද්ධමනය 57.4%ක් ආහාර නොවන මිල උද්ධමනය 30.6% වී තිබියදී ය.

Facebook
Twitter
LinkedIn