රාජපක්ෂලා ඇතුළු කල්ලිවල රඟපෑම් ඉවරයි – ඉතා වැදගත් වාර්තාවක් අධිකරණයට

රාජපක්ෂලා ඇතුළු කල්ලිවල රඟපෑම් ඉවරයි – ඉතා වැදගත් වාර්තාවක් අධිකරණයට

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අත්තඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටි මේජර් ජනරාල් සුරේෂ් සලේට කිසිදු මානසික ගැටළුවක් නොමැති බව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය වාර්තාවකින් හෙළි කර තිබේ.

සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන අතර, අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් විදෙස් ගමන් අත්හිටුවනු ලැබීය. එම නියෝගයෙන් කලබල වූ රාජපක්ෂලා, ඔවුන්ගේ අතකොළු සහ සුන්බුන් විපක්ෂයේ කණ්ඩායම් අසත්‍ය සහ විකෘති ප්‍රචාර රැසක් දියත් කරනු ලැබීය.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහ ද ආරම්භ කළ අතර, සුරේෂ් සලේ ශානි අබේසේකරගේ වධකාගාරයේ රඳවා ගෙන වද දෙමින් සිටින බව ප්‍රචාරය කරනු ලැබීය. එම ප්‍රචාරවලට සලේගේ බිරිඳ, පුතා සහ වැඩිමහල් සහෝදරයා ද යොදා ගෙන තිබිණි.

වධ බන්ධන නිසාම සලේ සියදිවි නසා ගැනීමේ මානසිකත්වයකින් පෙළෙන බව එම ප්‍රචාරකයන් පැවසූ අතර, අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව පැලවත්තෙන් පත් කළ එකක් බව සුන්බුන් විපක්ෂය විසින් ප්‍රචාරය කර තිබිණි.

එම කමිටුවේ පිටු 311ක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ අතර, සලේව අත්තඩංගුවට ගැනීම නිසා ඔහුට කිසිදු මානසික රෝගයක් වැළඳී නැතැයි හෙළි වී තිබේ.

ඊයේ (25) අධිකරණයේ දී හෙළි වූ කරුණු අතර අසාද් මවුලානා පවුලේ අය සහ සුරේෂ් සලේගේ පවුලේ අය අහුන්ගල්ලේ එකම හෝටලයක නැවතී එම පවුල් දෙකේ සාමාජිකයින් සාද පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. මෙම හෝටලයේ කාමර වෙන් කර ගෙන ඇත්තේ පවුල් දෙකෙහි බිරින්දෑවරුන් විසිනි.

තව දුරටත් කරුණු දක්වමින් සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ සහරාන් ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු ඔත්තුකරුවෙකු රාජ්‍ය බුද්ධි සේවයට  (SIS) ලබා දී ඇති නමුත් එම තොරතුරු ගොනුව සුරේෂ් සලේ විසින් සඟවා ඇති බවයි.

“සුරේෂ් සලේ සතු වූ සිම්පතක්, නෞකා අපනයන සමාගමක නමින් ලියාපදිංචි කළ එකක්. එයින් අසාද් මවුලානා එක්ක දිගටම කතාකරලා! බුද්ධි අංශ කළ අපරාධවලට මෙවැනි සිම්පත් පාවිච්චි කරලා!” මේ සමාගමේ තොරතුරු සමාගම් මැදුරෙන් ලබාගැනීමට උසාවි නියෝගයක් ඉල්ලයි!

“රණවිරු ක්‍රියාවලට නෙවෙයි, මැරවිරු ක්‍රියාවලට මේ වගේ සිම්පත් පාවිච්චි කරලා තියෙනවා” යැයි දිලීප පීරිස් කියයි.

Facebook
Twitter
LinkedIn