සජිත්ට දුවන්න වැදුණු හැටි

සජිත්ට දුවන්න වැදුණු හැටි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට බලපාන පරිදි 44%ක ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා බද්දක් පැනවීමත් සමඟ සජිත් ප්‍රේමදාස ඇතුළු සුන්බුන් විපක්ෂය ආණ්ඩුවට පෙරලා දැමීමේ අපේක්ෂාවෙන් විවිධ ප්‍රචාර දියත් කරනු ලැබීය.

ඔහු පාර්ලිමේන්තුව තුළ දී 2025 අප්‍රේල් 09 වෙනි දින ප්‍රකාශ කර සිටියේ මෙරට ආණ්ඩුවේ පාර්ශවය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන බවත්, ට්‍රම්ප් එවැනි බදු පැනවීම පිළිබඳව තමන් 2024 වසරේ සිට දැන ගෙන සිටි බවත් ය. මේ අතර, සජිත් ප්‍රේමදාස X සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ආණ්ඩුවේ උද්දච්චකම හේතුවෙන් ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන මුදලක් අහිමි වෙනු ඇති බවයි.

එම පක්ෂයේ ම ආචාර්ය හර්ෂ ද සිල්වා තැබූ X සටහනක සඳහන් කර තිබුණේ එලෙස බදු පැණවීම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 6ක් අහිමි වීමේ අවදානමක් ඇති බව ය. මේ සියළු අභියෝග ජය ගනිමින් සාර්ථක ලෙසින් ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යන අතර, ඇතැම් වෘත්තීය සමිති සුන්බුන් විපක්ෂයේ කඩාකප්පල්කාරී සැලසුම්වල බළල් අතක් වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙමින් ආණ්ඩුවට තර්ජනය කරමින් සිටිති.

බීබීසී සිංහල වෙබ් අඩවියෙන්…

Facebook
Twitter
LinkedIn