කිසිම සමාවක් නැහැ…

කිසිම සමාවක් නැහැ…

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඉතිහාසයේ දැවැන්තම වැටලීම් ප්‍රමාණයක් පසුගිය මාස 07කට ආසන්න කාලයක් තුළ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව සිදු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් අද (14) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධ දත්ත අනාවරණය කළේය.

මෙම වසරේ අප්‍රේල් 13 සිට ජූලි 12 දක්වා ගත වූ මාස තුනක් තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 302ක් අයිස් කිලෝ ග්‍රෑම් 104ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 2,641ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 35,442කට එරෙහිව නඩු පවරා ඇති බව හෙළි කළේය. එමෙන්ම මෙම වසර ආමර්භයේ සිට ජූලි 11 වෙනි දින දක්වා වෙඩි තැබීම් 68ක් සිදු කර ඇති අතර ඉන් 37 දෙනෙකු ඝාතනයට ලක් වී ඇති බවද අනාවරණය කළේය. එම වෙඩි තැබීම් 68න් 50ක් සංවිධානාත්මක අපරාධ සහ 18 පුද්ගලික ආරවුල් මත සිදු කර තිබේ.

ඝාතනය වූ 37 දෙනාගෙන් 34 දෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අය බව වැඩිදුරටත් හෙළි කළේය. සමස්තයක් ලෙස මෙම ජූලි 11 වෙනි දින දක්වා හෙරොයින් කිලෝ ග්‍රෑම් 922ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1,386ක්, ගංජා කිලෝ ග්‍රෑම් 10,895ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 22ක්, හෑෂ් කිලෝ ග්‍රෑම් 329ක් ආදී වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 106,000ක් වන අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි හෙළි කළේය.

වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවද අවශ්‍ය අවස්තාවලදී යොදා ගනිමින් ඒකාබද්ධ මෙහෙයුම් මගින් මෙම වැටලීම් සිදු කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්