ට්‍රම්ප් ශ්‍රී ලංකාවට බෙදූ හැන්ද තවත් දිග් කරයි…

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට බෙදූ හැන්ද තවත් දිග් කරයි…

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩා සඳහා අගෝස්තු 01 සිට නියම කර තිබෙන 30%ක බදු අනුපාතයම යුරෝපා සංගමය සහ මෙක්සිකෝව සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිගේ මෙම නව තීරණයත් සමග විශේෂයෙන්ම මෙක්සිකෝව දැඩි ප්‍රතිචාර දක්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සමග ඇමරිකාව 2003 වසරේදී යුරෝ බිලිටන 851ක ද්වී පාර්ශවික ගණුදෙනු සිදු කර තිබේ. එයින් යුරෝපා සංගමයට යුරෝ බිලියන 157ක ලාභයක් ලැබී ඇතැයි චෝදනා කරමින් 30%ක බදු ප්‍රමාණය අලුතින් පැනවීමට නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවට පනවන ලද මෙම බදු ප්‍රමාණය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ ඇතැම් පිරිස් විශාල ගෝෂාවක් ගෙන යන අතර ඇමරිකාවට ඉතාම සමීප යුරෝපා සංගමය මත පවා මේ ආකාරයෙන් බදු පැනවීමේ ක්‍රියා පිළිවෙතක් ඇමරිකානු ජනාධිපති අනුගමණය කරමින් සිටී. මෙම බදු පැනවීමත් සමග ලෝකය මත නව වටයකින් බදු යුද්ධය ක්‍රියාත්මක වන බව නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්