මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව 2024 නිකුත් කර තිබෙන අතර එහි අන්තර්ගත විගණකාධිපතිගේ වාර්තාවෙන් සුවිශේෂී කරුණු රැසක් හෙළි කර ඇත.
එයින් ප්‍රධානම දත්තයක් වී තිබෙන්නේ රජයේ මුළු ණය සහ රජයේ මුළු වත්කම් සම්බන්ධයෙන්ය. 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය රුපියල් බිලියන 28,720ක් වී තිබූ අතර මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 5,920ක් විය. ඒ අනුව රජයේ මුළු වත්කම් වත්කම් සහ රජයේ මුළු ණය අතර පරතරය රුපියල් බිලියන 22,799ක් වී තිබිණි.
පසුගිය 2024 වර්ෂය අවසන් වනවිට රජයේ මුළු ණය රුපියල් බිලියන 29,252ක් වී තිබූ අතර මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 8,359ක් විය. මේ අනුව රජයේ මුළු වත්කම් වත්කම් සහ රජයේ මුළු ණය අතර පරතරය රුපියල් බිලියන 20,892ක දක්වා වේගයෙන් පහත වැටී තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරම්භයේදී රජයේ වත්ක්ම ප්‍රමාණය රුපියල් බිලියන 5,920 සිට රුපියල් බිලියන 8,359ක් දක්වා වැඩිකරගෙන ඇත. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ රජයේ මුළු වත්කම් ප්‍රමණය රුපිය බිලියන 2,438කින් ඉහළ නන්වා ගැනීමට සමත් වී ඇත.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වංචා දූෂණ පිටු දැකීමේ ක්‍රියාමාර්ග දේශපාලන ක්ෂේත්‍රයේ 100%ක්ම සාර්ථක කරගෙන ඇති අතර ජනතාවට නොදැනෙන මෙවැනි ජයග්‍රහණ රැසක්ද රටවෙනුවෙන් අත්පත් කර ගනිමින් සිටී.










