ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට (50,000) මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමටත් කෘෂිකර්ම ඇතුළු විවිධ ව්‍යාපෘති 500කය ඉඩම් වෙන් කිරීමටත් ජාතික ජන ඉලවේග ආණ්ඩුව තීරණය කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.
ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය සහ ඉඩම් කොමසාරිස්වරයා යටතේ ඇති ඉඩම් කැබලි 500ක් මෙසේ කෘෂිකර්ම ඇතුළු විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම මෙරට ඉඩම් හිමිකම නොමැති ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බවත් ඉඩම් හිමිකම් නොමැති ජනතාවට ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
772










