ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 06 තුළ දී රුපියල් ට්‍රිලියනය ඉක්ම වූ ආදායමක් උපයා ඇති බවත් මේ අනුව වසරේ ආදායම් ඉලක්කය වන ට්‍රිලියන 2.115 ඉක්මවා ආදායම් ඉපයිය හැකි වනු ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (03) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසූවේ,
“ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 06යි ගතවෙලා තියෙන්නේ. මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115). ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා.
මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා” යනුවෙනි.
232










