වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා 20%ක තීරුබද්දක් අය කරන බවත් වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත කිරීමකදී 40%ක තීරුබද්දක් පැනවීමට තිරණය කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ.
එමෙන්ම මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ සිට වියට්නාමයට ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු අය නොකිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
259










