හල්ලොලුව ගැසූ ගැටයෙන් ඔහුගේ බෙල්ලත් හිර වෙයි

හල්ලොලුව ගැසූ ගැටයෙන් ඔහුගේ බෙල්ලත් හිර වෙයි

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ඉදිරිපත් කළ රංගනයෙන් තව දුරටත් ඔහු හිර වී ඇති බව වාර්තා වේ.

ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි තබා වැදගත් ලියවිලි පැහැර ගත් බවට නීතිය මුලා කිරීමේ පරමාර්ථයෙන් කරන ලද රංගනයට අදාළ විමර්ශන සඳහා ඔහුගේ ජංගම දුරකතනය ලබා දෙන ලෙසට අධිකරණය නියම කර තිබිණි.

එම නියෝගය අනුව ක්‍රියා කිරීම මඟ හරිමින් සිට, අවසන් මොහොතේ ලබා දී ඇති ජංගම දුරකතනය වෙඩි තැබීමේ රංගනය සිදු කළ දිනයේ දී භාවිතා කළ එකක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව, එදින භාවිතා කළ දුරකතනය ලබා දෙන ලෙස ඔහුට නියෝග කරන්නැයි විමර්ශකයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්