මහින්දානන්දලාට ඊළඟට මොකද වෙන්නේ?

මහින්දානන්දලාට ඊළඟට මොකද වෙන්නේ?

මහජන මුදල් දූෂිතව යෙදවීම සම්බන්ධයෙන් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා දීමෙන් පසුව, මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන හිටපු කැබිනට් ඇමති දෙදෙනාට ඊළඟට සිදු වන්නේ කුමක් දැයි බොහෝ දෙනෙකු විමසිලිමත් වී සිටිති.

මේ වනවිට හෙළි වී තිබෙන්නේ බන්ධනාගාරය තුළ දී ඔවුන් දෙදෙනාට කොට්ටයක් සහ පැදුරක් ලබා දී නියමිත වාට්ටුවට යොමු කර ඇති බවයි. ඒ අතර, ඔවුන් දෙදෙනාට ලබා දුන් අධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් එක් වරකදී අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව නීති ප්‍රවීණයන් පෙන්වා දෙති.

මේ අතර, ඇප අයදුම් කරන්නේ නම් මහාධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් වෙනම අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු බවත්, මහාධිකරණය විසින් එය සලකා බලා ඇප ලබා දෙන්නේ දැයි තීන්දු කරන බවත් එම නීති ප්‍රවීණයන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ දී එය විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන බව ද පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්