පළවෙනියා වෙන්න දයාසිරි දැඩි සටනක

පළවෙනියා වෙන්න දයාසිරි දැඩි සටනක

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු අතරින් රාමනාදන් අර්ජුනා හා සමානව ම කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීමට දයාසිරි ජයසේකර දැඩි ප්‍රයත්නයක් දරන බව තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල දී මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට එරෙහිව විවිධ අවලාද නැගීමට ද ඔහු සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටී.

රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන ලද මන්ත්‍රීවරු පිළිබඳව මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන අතර, ජනාධිපති අරමුදලින් අයථා ලෙස මුදල් ලබා ගෙන සිටින මන්ත්‍රීවරු පිළිබඳව වෙනම පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබේ.

මෙම පසුබිම තුළ පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර සිදු කරන විකාර රූපී රංගනයක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්