වැටලීම් ඉහළට – පාතාලය කලබල වෙයි

වැටලීම් ඉහළට – පාතාලය කලබල වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ වැටලීම් සැලසුම් සහගතව ක්‍රමානුකූලව වේගවත් කරමින් සිටින අතර බොහෝ දෙනෙකු රටින් පළා යාමට සූදානම් වී සිටින බවට ද තොරතුරු හෙළි වෙමින් පවතී.

දේශපාලන අනුග්‍රහය මත හෝ වෙනත් නිලධාරීන්ගේ අනුග්‍රහය මත පළා ගොස් විදේශයන්හි සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම පසුගිය කාලයේ ඉහළ ගොස් තිබිණි. මෙම තත්වය තුළ විවිධ අපරාධකරුවන් නීතියෙන් සැගවී සිටීමට අලුත් උපක්‍රම සොයමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (28) අත්තඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මේ වනවිට අදාළ වැටලීම් වැටලීම්වල ඉහළ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මෙම වසරේ ගෙවී ගිය මාස 05 තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව මුල් වී සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් මගින් රට තුළට ගෙන එමින් තිබූ මත් කුඩු කිලෝ ග්‍රෑම් 1,500ක් පමණ අත්තඩංගුවට ගැනීමට සමත් වී තිබූ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,200 ඉක්මවූ ප්‍රමාණයක් ද අත්තඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්