සජබ, පොහොට්ටු, යූඇන්පී පුපුරායාම්වල අලුත්ම තොරතුරු මෙන්න

සජබ, පොහොට්ටු, යූඇන්පී පුපුරායාම්වල අලුත්ම තොරතුරු මෙන්න

විපක්ෂයේ හවුලක් ගොඩනැගීමට සාකච්ඡා කරමින් සිටි සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ දේශපාලන කුණාටුවකට හසුවී ඇති බව සනාථ වී තිබේ.

එම පක්ෂ තුනේ පළාත් පාලන ආයතන සමානුපාතික සභිකයන් නම් කිරීමට නොහැකිව තිබීම, ආසන සංවිධායකවරුන් වගකීම්වලින් ඉල්ලා අස්වීම සහ මැතිවරණ නීතියට අනුව ලබා දීමට නියමිත අයවැය වාර්තා ලබා දීමට නොහැකි වීම යන කරුණු මගින් ඒ බව පැහැදිලි වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර තිබෙන්නේ පළාත් පාලන ආයතන සභිකයින්ගේ නාම ලේඛනය ගැසට් කිරීමට මේ නිසා බාධා එල්ල වී ඇති බවයි. කාන්තා සහ තරුණ නියෝජනය ඇතුලත් ව අදාළ සභිකයින්ගේ නාම ලේඛන 30 දින මධ්‍යම රාත්‍රි 12ට පෙර ලබා දිය යුතු බවට අලුතින් ගැසට් නිවේදනයක් පවා නිකුත් කිරීමට සිදු විය.

එමෙන් ම, අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඊයේ (27) මධ්‍යම රාත්‍රි 12 වනවිට ලබා දී අවසන් කළ යුතුව තිබිණි. එය ඉටු කිරීමට ද එම පක්ෂ අසමත් වී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්