බැසිල්ගේ කුමන්ත්‍රණකරුවෙක් වැඩ පටන් ගෙන ද?

බැසිල්ගේ කුමන්ත්‍රණකරුවෙක් වැඩ පටන් ගෙන ද?

පසුගිය සති අන්තයේ සහ මෙම සතිය ආරම්භයේ දී දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීමට දරන ලද උත්සාහය පිටුපස බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු සහ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු සිටින්නේ දැයි බලවත් සැකයක් මතු වී ඇති බව වාර්තා වේ.

එම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කර තිබෙන අතර, ඉහත සඳහන් තොරතුරු හෙළි වෙමින් පවතී. 2018 අගෝස්තු මාසයේ දී දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඉන්දික දොඩම්ගොඩ නම් බැසිල් රාජපක්ෂගේ සමීපතමයා නායකත්වය ලබා දී තිබිණි. පසුගිය සතියේ ඇති වූ කඩාකප්පල්කාරී ක්‍රියාවට රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියේ නායකයෙකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වෙමින් පවතී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී මාස 4කට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරින් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් වරාය, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප විශාල වශයෙන් ඉහළ දැමූ අතර වෘත්තීය සමිති නායකයින් ලෙස පෙනී සිටින කඩාකප්පල්කාරීන් කිහිප දෙනා 2018 පමණ කාලයේ සිට අති විශාල අතිකාල පැය ප්‍රමාණයක් වෙනුවෙන් ගෙවීම් ලබා ගෙන ඇති බව ද හෙළි වී තිබේ. 2018 ජූලි මාසයේ දී සමස්ත මාසයට ම පැය 575ක් සමඟ මාසයේ අනිවාර්ය සේවා කාලය පැය 168ත් සමඟ මාසයේ සේවයේ යෙදී සිටි කාලය පැය 743ක් බව වැටුප් විස්තරයකින් හෙළි වී තිබේ. එම 2018 ජූලි මාසයේ සමස්ත කාලය පැයවලට පරිවර්තනය කළ පසුව ලැබෙන අගය පැය 744ක් පමණකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්