වසර 4කට පසුව කොළඹ කොටස් වෙළඳපොලේ එක් දිනක දී වාර්තා කළ වැඩිම සමස්ත පිරිවැටුම ඊයේ (27) වාර්තා කළ අතර එය රුපියල් කෝටි 1,870 (රුපියල් බිලියන 18.7) ඉක්මවා තිබිණි.
මෙයට පෙර 2020 ජනවාරි 09 වෙනි දින ඉහළ ම දෛනික පිරිවැටුම ලෙස රුපියල් බිලියන 33.63ක් ද, 2021 පෙබරවාරි 01 වෙනි දින රුපියල් බිලියන 27.75ක් වශයෙන් වාර්තා කර තිබිණි.
වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නගා ගෙන තිබෙන ආකාරය කොළඹ කොටස් වෙළඳ පොල හැසිරීමෙන් ද තහවුරු වී තිබේ.
449










